×

Search News

LATEST NEWS

ඇමති බිමල් චීනයේ වගාවන් බලන්න ගිහින්

චීන කොමියුනිට්ස් පක්ෂයේ ආරාධනාවක් මත චීනයට ගොස් සිටින ප්‍රවාහන මහාමාර්ග නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ ගුවන්ෂි ප්‍රාන්තයේ වගා නිරීක්ෂණයක් සඳහා සහභාගී වී තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා ගුවන්ෂි ප්‍රාන්තයේ පළතුරු වගා ප්‍රදේශයක පිහිටා ඇති ගුවන්ෂි ජින්ෂු කෘෂි සමාගමේ චාරිකාවක් සඳහා එක්ව ඇති බව සඳහන්.

මෙම සමාගම විසින් වර්ග කිලෝමීටර් 3.6ක් වන භූමි ප්‍රමාණයක වගාව පවත්වාගෙන යනු ලබනවා.

එම කෘෂිකාර්මික ප්‍රදේශය ආශ්‍රිතව ගෘහ ඒකක 10907ක් පවතිනවා.

එහි නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ "ඩ්‍රැගන් ෆෘට්" වගාව ආශ්‍රිතව රැකියා කරන ගෘහ ඒකක වල වාර්ෂික ආදායම සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ඉහල අගයක පවතින බවයි.

Previous Article Next Article