සම්පත් මනම්පේරී අධිකරණයට භාර වෙයි
අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරී නැමැත්තා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී තිබෙනවා.
ඒ අනුව අද (17) දහවල් ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇති බවයි වාර්තා වන්නේ.
මිද්දෙනිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදා ගන්නා බවට සැක කරන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නැමැත්තා අධිකරණයට භාරවීමට සුදානම් බව ඔහුගේ නීතිඥවරයා පසුගිය 15 වනදා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණා.