×

Search News

LATEST NEWS

අදත් වැස්ස වැඩිවෙයි - ඉදිරි පැය 24 තුළදී කාලගුණයේ වෙන්න යන දේ මෙන්න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල අද (21) දිනයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇති වේ.

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙන් වැසි සහිත කාලගුණය ඉදිරියටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම තත්ත්වය ඉදිරි පැය 24 තුළදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එහි බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවයි.

Previous Article Next Article