×

Search News

LATEST NEWS

හරීන්ට එජාපයෙන් අලුත් තනතුරක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

මේ අනුව දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් (Deputy Secretary General of Political Mobilization) ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කර ඇති බවයි.

මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩ පිළිවෙලකට සම්බන්ධ කර ගැනීම හිටපු හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදුන් තනතුරේ වගකීම බවද එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව එක්සත් පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 සිදු කරන්නේ ද හරීන් ප්‍රනාන්දු මහතා බවද වාර්තා වනවා.

Previous Article Next Article