×

Search News

LATEST NEWS

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය තවදුරටත් සීමා වෙයි

උඩරට මාර්ගයේ දුම්රිය මාර්ගයේ අද (22) දිනයේත් දුම්රිය ගමනාගමනය සීමා කරන දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) පෙරවරුවේ මහනුවර සිට කොළඹ කොටුව, මහනුවර සිට පොල්ගහවෙල අතර දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කෙරෙන බවයි.

උඩරට දුම්රිය මාර්ගයේ දෙපස ස්ථාන කිහිපයකින් නාය යෑම් හේතුවෙන් මෙලෙස අද (22) දහවල් දක්වා දුම්රිය ගමන් සීමා කෙරෙන බව සඳහන්.

කොළඹ කොටුව සිට බදුල්ල අතර අද (22) පෙරවරුවේ දී ධාවනය කෙරෙන දුම්රිය පේරාදෙණිය හා බදුල්ල අතර පමණක් ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (22) දහවල් 12 සිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

Previous Article Next Article