×

Search News

LATEST NEWS

ගසක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රියට ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර පසුගිය 19 වනදා දින සිට ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අද (23) අලුයම සිට යළි ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මහනුවර සිට පොල්ගහවෙල සහ මහනුවර සිට කොළඹ කොටුව බලා දුම්රිය 2ක් අද (23) උදෑසන ධාවන කටයුතු ආරම්භ වූ බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

Previous Article Next Article