සොබාධනවි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්කරයි
කෙරවලපිටියේ සොබාධනවි ස්වභාවික ද්‍රවීකෘත වායු (LNG) බලාගාරය අද (17) ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ලැබුවා.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර එය සිදුකර තිබෙනවා.
ලක්දනව් සමාගම විසින් සැලසුම් කරන ලද සොබාධනවි බලාගාරය මඟින් මෙගාවොට් 350ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇති.
මෙම බලාගාරයේ සියලුම සැලසුම් හා ඉදිකිරීම් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් විසින් සිදුකිරීම ද විශේෂත්වයක් වනවා.