×

Search News

LATEST NEWS

තායිලන්තයෙන් තෑගි කළ ඇත්තු දෙන්නා නැවත ගෙන්වා ගැනීමේ සුදානමක්?

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමුව තිබෙනවා.

තායිලන්ත රජය උපුටා දක්වමින් මාධ්‍ය සඳහන් කරන්නේ ඔක්තෝබර් මස 28 වනදා ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

ඇතුන් දෙදෙනා පිළිබඳ ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් තායිලන්ත රජය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

2023 වසරේ ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin හෙවත්  'මුතුරාජා' හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇත්තු දෙදෙනා රැගෙන යෑමට භාවිත කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම ඇත්තු දෙදෙනා Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් හඳුන්වනු ලබනවා.

මින් එක් ඇතෙකු වයස අවුරුදු 12දී 1979 දී තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු ඇත් පැටවා වන බවද වාර්තා වනවා.

Previous Article Next Article