×

Search News

LATEST NEWS

රජරට රැජින ගිනි ගනී

අනුරාධපුරය සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න දුම්රිය එන්ජිමේ හටගෙන ඇති බවයි.

ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

අනතුරුව දුම්රිය යළි අනුරාධපුරය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් එම දුම්රියට වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අද (25) උදෑසන 5ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිත තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබුණා.

මේ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් පිටත් වීම ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවන වීමට ගමන් ආරම්භ කළ බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

Previous Article Next Article