×

Search News

LATEST NEWS

2026 විසර්ජන පනත් කෙටුම්පතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 23 වනදා එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීන් 2026 වර්ෂයට අදාළව එක් එක් අංශ සඳහා මුදල් වෙන්කර ඇති අයුරු සහ ඉදිරි ඉලක්ක පිළිබඳව කරුණු කාරක සභාව හමුවේ දැනුම් දුන්නා.

අදාළ කරුණු පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබාදී තිබෙනවා.

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම (අයවැය කතාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Previous Article Next Article