මන්ත්‍රී ජගත් විතානට MSD ආරක්ෂාවක්
කළුතර දිස්ත්‍රික් සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.
පොලිස්පතිවරයාගේ නියමය මත මෙම ආරක්ෂාව ලබාදී ඇති බව සඳහන්.
ඒ අනුව ඔහුගේ ආරක්ෂාවට නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් ලබාදී ඇති අතර ආරක්ෂාව පිළිබඳව කෙරෙන තක්සේරුවෙන් පසු තවත් ආරක්ෂාව වැඩි කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වනවා.
ඊයේ (25) දින සිට මෙම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඇමති ආරක්ෂක අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ වර්ථමාන ආණ්ඩුව යටතේ මෙසේ ඇමති ආරක්ෂාවක් ලැබී ඇති පළමු මන්ත්‍රීවරයා ජගත් විතාන මහතා බවයි.