×

Search News

LATEST NEWS

රනිල් ගෙදර යයි - නඩුව ජනවාරිවලට කල් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශනය කඩිනමින් අවසන් කර ඊට සම්බන්ධ සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියම කළා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනයේ අධිකරණය ආශ්‍රිතව සිදුවූ සිදුවීම්වලින් අධිකරණයට අපහාසයක් සිදුව තිබේ දැයි විමර්ශන සිදුකර ඊට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද ඔවුන් සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේ ද යන්න පිළිබඳව මීළඟ නඩු දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළා.

Previous Article Next Article