×

Search News

LATEST NEWS

කැරිබියන් දුපත් වැනසූ මෙලිසා

මෙලිසා සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට කැරිබියන් දුපත් රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වසරේ මෙතෙක් ඇති වූ දරුණුම සුළි කුණාටුව ලෙස සැලකෙන මෙලිසා සුළි කුණාටුව සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් හයිටි රාජ්‍යයේ පුද්ගලයින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තවද ජැමෙයිකාවේ බහුතර ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බවද සඳහන්.

මෙම සුළි කුණාටුව සමඟ එරට හතරෙන් තුනකට විදුලිය නොමැති බව වාර්තා වනවා.

මේ වන විට මෙලිසා ජැමෙයිකාවේ සිට පැයට සැතපුම් 115ක වේගයෙන් කියුබාව දෙසට ඇඳී යමින් තිබෙන බවද විදෙස් වාර්තා දැක්වෙනවා.

Previous Article Next Article