×

Search News

LATEST NEWS

කොළඹ හතේ ගොඩනැගිල්ලක වහලක් මතින් ගෑස් උණ්ඩ සොයා ගනී

කොළඹ 7 මල් පාර කොමන් කොපි හවුස් ගොඩනැගිල්ලේ වහලය මත තිබී ගෑස් උණ්ඩ 10ක් අඩංගු බෑගයක් හමුව තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ කැමා වර්ගයේ බෑගයක එම උණ්ඩ තිබී ඇති බවයි.

2022 වසරේ අගමැති කාර්යාලය ආසන්නයේ පැවැති මහජන උද්ඝෝෂණයේ දී උද්ඝෝෂකරුවන් විසින් ගෑසු උණ්ඩ විසි කිරීමේ දී මෙම ගොඩනැගිල්ලේ රැදී තිබෙන්නට ඇති බව සැක කරන බවට වාර්තා කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.

Previous Article Next Article