×

Search News

LATEST NEWS

අධිවේගී මාර්ගයේ ආරක්ෂාව රක්නා ආරක්ෂක ලංකා සමාගමට?

මෙරට අධිවේගී මාර්ග ආරක්ෂණ මෙහෙයුම් කටයුතු රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත පැවරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ සඳහා ඇති හැකියාව සම්බන්ධව ගවේෂණ කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා ඇති බවයි.

මෙරට අධිවේගී මාර්ග ජාලයේ සමස්ථ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගමේ මෙහෙයුම් විශේෂඥතාව දායක කර ගත හැකි ආකාරය තක්සේරු කිරීම සහ පවතින ආරක්ෂක රාමුව ඇගයීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා.

මෙහිදී විශ්‍රාමික රණවිරුවන්ගේ සහ රට දැය වෙනුවෙන් දිවිපිදූ රණවිරු පවුල්වල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හා සම්බන්ධ ගැටළු පිළිබඳව අවධානය යොමුව තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ විශ්‍රාම වැටපු දෙපාර්තමේන්තුව සහා විෂයානුබද්ධ අමාත්‍යාංශවල නිලධාරින් විසින් එහිදි පවතින පරිපාලනමය අභියෝග සමාලෝචනය කරනු ලැබූ අතර අදාළ ප්‍රතිලාභීන් වෙත ප්‍රතිලාභ කඩිනමින් ලබාදීම සහතික කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

Previous Article Next Article