×

Search News

LATEST NEWS

වැල්ලවාය මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම්

වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම වැඩ තහනම් කිරීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ විනිසුරුවරයාගේ නඩු තීන්දු කිහිපයක් පිළිබඳව පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකින් පසුව මෙම වැඩතහනම් කිරීමට හේතුවී තිබෙනවා.

මෙම නියෝගය ඊයේ (30) දින සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

Previous Article Next Article