×

Search News

LATEST NEWS

ඉන්ධන මිල සංශෝධනය වෙයි

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 299කට පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

එහි නව මිල රුපියල් 294කි.

තවද රුපියල් 313කට පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා තිබෙනවා,

එහි නව මිල වන්නේ රුපියල් 318කි.

කෙසේ වෙතත් රුපියල් 335ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

ඊට අමතරව රුපියල් 277කට පැවැති සුදු ඩීසල් ලීටරයක මිල සහ රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල කිසිඳු වෙනසක් සිදුව නැහැ.

Previous Article Next Article