×

Search News

LATEST NEWS

මන්ත්‍රීවරුන් 20ක් ගිනිඅවි ඉල්ලයි

තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනි අවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් 20 දෙනෙක් පමණ ඉල්ලීම් සිදුකර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශවලින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.

එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශය වෙත මේ වන විට යොමු කර ඇති බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව පසුගියදා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා මෙන්ම පොලිස්පතිවරයා ද එකඟතාව පළ කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට ගිනි අවි ලබාදීමට තීරණය කර නොමැති අතර පවතින තර්ජන පිළිබඳ සිදුකරන විශ්ලේෂයණයකින් පසුව ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

Previous Article Next Article