×

Search News

LATEST NEWS

BREAKING - නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට හෙළිවෙයි

බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යය සොයා ගත් බව නාවික හමුදාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් කළේ එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තිබූ බවට හෙළි වූ බවයි.

තවද තවදුරටත්  එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවද නාවික හමුදාව පවසනවා.

නාවික හමුදාවට ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මෙම යාත්‍රාව වැටලීම් සිදු කර තිබුණා.

එහිදී අදාළ යාත්‍රාව නාවික හමුදාව භාරයට ගනු ලැබුවා.

මේ අනුව එම යාත්‍රාව අද (02) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබුවා.

Previous Article Next Article