වනඅලි පලවා හැරීමේ මෙහෙයුම අද හම්බන්තොටින් ඇරඹේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද (02) පස්වරුවේ වනඅලි පලවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට නියමිතයි.
එම ප්‍රදේශයන්හි ජන ජීවිත හා දේපල මෙන්ම වන අලින්ගෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් විදුලිවැට කඩා ගම්වැදුනු වනඅලි යළි විදුලි වැටෙන් ඔබ්බට ගෙන යාම මෙහි සැලසුම වී තිබෙනවා.
මෙම මෙහෙයුමට වනජීවී නිලධාරීන්, ගුවන් හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු නිලධාරීන් 2000ක් පමණ එක්වීමට නියමිත බවද වාර්තා වනවා.