×

Search News

LATEST NEWS

අයවැය සමයේ පාර්ලිමේන්තු සේවකයින්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්?

අයවැය කාල සීමාව තුළ පාර්ලිමේන්තු සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාවකට අවතීර්ණ වීමට සුදානම් පවතින බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ එහි පරිපාලනය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව කමිටු වාර්තාවට විරෝධය පළකරමින් එහි සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට සුදානමින් සිටින බවයි.

ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ කමිටු වාර්තාව මේ වන විටත් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන් වෙත වැඩිදුර නිරීක්ෂණය යොමු කර ඇති බව සඳහන්.

අදාළ වාර්තාවට සේවකයින් දැඩි විරෝධතාවක් දක්වන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු 9 ක් පවතින අතර එහි 850ක පමණ සේවකයින් පිරිසක් සේවය කරනු ලබනවා.

මේ අනුව එම සේවකයින් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳව නිල නොවන මට්ටමින් එකඟතාවයකට එළැඹ ඇති බවද සඳහන්.

ලබන අයවැය කාලසීමාව තුළ අදාළ විරෝධතාව සිදුකළ යුතු බවට ද සේවකයින් යෝජනා කර තිබෙනවා.

Previous Article Next Article