×

Search News

LATEST NEWS

පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළිත් රිමාන්ඩ්

රථවාහන වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ කාන්තාව රථවාහන වරදක් පිළිබඳව නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර තිබුණා.

Previous Article Next Article