×

Search News

LATEST NEWS

CTB ඩිපෝ 25ක සංවර්ධන කටයුතු අද අරඹයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කිරීම අද (19) ආරම්භ වනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි.

එම අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුල්‍ය හා මෙහෙයුම් කාර්ය සාධනය ශක්තිමත් කර සේවා ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා මඟී සුවපහසුව වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.

මේ අනුව අත්හැර දැමු ග්‍රාමීය ප්‍රවාහන සේවාවන් නැවත ආරම්භ කිරීම, බස් රථවල මනා නඩත්තුව සහ විශ්වාසනීයත්වය සහතික කිරීම සිදු කෙරෙනු ඇති.

ඊට අමතව ඩිපෝ සඳහා නව ආදායම් මාර්ග නව සේවා හා ව්‍යාපාර අවස්ථා හඳුන්වාදීම, කාර්ය මණ්ඩල අභිප්‍රේරණය කිරීම සඳහා කාර්ය සාධනය පදනම් කරගත් පද්ධති හඳුන්වාදීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු කිරීමට නියමිතයි.

Previous Article Next Article