×

Search News

LATEST NEWS

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව තරඟකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිඳභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සඳහා 2024.06.11 දින පැවැති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේ දී අනුමැතිය හිමි වුණා.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව 2025.05.15 දින ස්ථාපිත කරනු ලැබුවා.

අනතුරුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයට අනුව ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතා මඟ හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරු බදු ප්‍රතිපත්තිය කමිටුව විසින් හඳුනා ගනු ලැබ තිබෙනවා.

මේ අනුව හඳුනාගනු ලැබ ඇති සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

Previous Article Next Article