×

Search News

LATEST NEWS

සජිත් ඉන්දීය පාර්ලිමේන්තුවේ කථානායකවරයා හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය සංචාරය අතරවාරයේ ඉන්දීය කථානායක ඕම් බිර්ලා හමුව තිබෙනවා.

මෙහිදී දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතා ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන්.

දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතාවය ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියට අදාළ භාවිතයන් කෙරෙහි මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ආයතනික වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම, ව්‍යවස්ථාදායකට අදාළ පර්යේෂණ ශක්තිමත් කිරීම සහ පාර්ලිමේන්තුව තුළ තරුණ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ ඉන්දීය කථානායකවරයා හා විපක්ෂ නායකවරයා අතර අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.

අධ්‍යයන චාරිකා සහ ධාරිතා ගොඩනැගීම වැනි ප්‍රවේශයන් හරහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ඉන්දීය ලෝක් සභාව අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටයි අවධානය තිබුණේ.

එම සාකච්ඡාවෙන් පසුව විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක් සභා සංකීර්ණයේ නව කථානායක කාර්යාලයේ සංචාරයක් සඳහා එක්ව ඇති බව සඳහන්.

මේ අතර විපක්ෂ නායකවරයා සිය ඉන්දීය නිල සංචාරයේ දී ඉන්දීය රජයේ ප්‍රධානීන් රැසක් හමුවුණා.

එහිදී ඉන්දීය රජයේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු ඉහළ පෙලේ ප්‍රධානීන් රැසක් හමුවී ද්වී පාර්ශවික සාකච්ඡා සිදුකර තිබුණා.

Previous Article Next Article