මාලිමා ආණ්ඩුවේ දෙවන අයවැය හෙට පාර්ලිමේන්තුවට
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07) පස්වරුවේ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදු කිරීමට නියමිතයි.
මේ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වනදා සිට දින 6ක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වනදා සිට දින 17ක් දක්වා පැවැත්වීමට නියමිතයි.
තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා පස්වරු 6ට සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.