×

Search News

LATEST NEWS

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ මාලිමා මන්ත්‍රීවරිය ධුරයෙන් ඉවත් වෙයි

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ දිස්නා නිරන්ජලා කුමාරි නම් මන්ත්‍රීවරියකටයි.

එම මන්ත්‍රීවරියගේ සැමියා හා පුත්‍රයා පිළිබඳව මේ වන විට නීතිමය කටයුතු සිදුවෙමින් පවතිනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුව රටෙහි මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් යොමු කර ඇති මෙවැනි මොහොතක ඇති වූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයට ලක්ව ඇති බව සඳහන්.

මේ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහාය දීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙන යන වැඩපිළිවෙලට සහායක් ලෙසට ද සලකා ඇය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මෙහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාටද යොමුකර තිබෙනවා.

Previous Article Next Article