×

Search News

LATEST NEWS

දියවඩන නිලමේ ධූරය තුන්වෙනිවරටත් දෑලට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්වුණා.

එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින්  තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.

ප්‍රදීප් නිලංග දෑල -  195
දමින්ද බණ්ඩාර උඩුරාවණ - 50
ඩබ්.එස්. බණ්ඩාරනායක - 13

Previous Article Next Article