×

Search News

LATEST NEWS

කොටහේනේ වෙඩි තැබීම ගැන තොරතුරු එළියට

කොටහේන 16 වන පටුමඟ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙකු ඉන් බැස මියගිය පුද්ගලයාගේ පිටුපසින් පැමිණ වෙඩි තැබීම සිදු කරන ආකාරය CCTV දර්ශන වලද සටහන්ව තිබුණා.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් තිබූ අතර ඔහු 43 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නාගේ ගෝලයෙකු බවට ද හෙළිව තිබෙනවා.

අදාළ වෙඩි තැබීම තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පලනි රිමෝෂන්ගේ පාර්ශවය විසින් සිදු කර ඇති බව පොලීසිය සැකපළ කරනවා.

Previous Article Next Article