×

Search News

LATEST NEWS

අසභ්‍ය වීඩියෝපට අන්තර්ජාලයට දැමූ යුවළක් පොලිස් අත්අඩංගුවට

වැඩිහිටියන්ට පමණක් පිවිසිය හැකි වෙබ් අඩවියක් සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවලක් මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීයි.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවනන් බවයි.

ඔවුන් විසින් අදාළ වෙබ් අඩවියට වීඩියෝ පට 334ක් උඩුගත කර ඇති බව වාර්තා වනවා.

සැකකරුවන් දෙදෙනා අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Previous Article Next Article