සමාජ මාධ්‍ය කිහිපයක් සඳහා අවම වයස් සීමාවක්
සමාජ මාධ්‍ය කිහිපයක් සඳහා අවම සීමාව අවුරුදු 15ක් ලෙස නියාමනය කිරීමට ඩෙන්මාර්ක් රජය තීරණය කර තිබෙනවා.
ඩෙන්මාර්ක් අගමැතිවරයා මෙටේ ෆෙඩ්රික්සන් පාර්ලිමේන්තුවේ දී කළ ඉල්ලීමකට අනුව මෙය සිදු කිරීමට නියමිතයි.
යුරෝපා සංගමයේ ප්‍රථම රටවල් අතරින් එකක් ලෙස ඩෙන්මාර්කය සමාජ මාධ්‍ය සඳහා වයස් සීමාවක් හඳුන්වාදීමෙන් ඉතා වැදගත් පියවරක් තබා ඇති බව එරට ඩිජිටල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඩිජිටල් ලෝකය තුළින් ළමුන් හා තරුණයන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙය සිදු කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම තීරණය මඟින් බලපාන සමාජ මාධ්‍ය මොනවාද යන්න හෝ මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න අමාත්‍යාංශය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බව සඳහන්.