×

Search News

LATEST NEWS

තලාවේ සිදුවූ මාරක අනතුරින් එක් පුද්ගලයෙක් මරුට

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට රෝහල වෙත රැගෙන එමින් සිටින බවයි වාර්තා වන්නේ.

තලාව ප්‍රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

Previous Article Next Article