×

Search News

LATEST NEWS

රේගුවේ රඳවාගෙන සිටින BYD වාහන තොගය ඇපයක් මත මුදා හැරීමට නියෝග

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව අද (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළකර තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම වාහන ආනයනය කළ පුද්ගලික සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව විසින් මෙම එකඟතාවය පළකර සිටියා.

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටි ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ මේ අනුව රේගුව භාරයේ රඳවා සිටි  BYD ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 70, ඇටෝ ඩයිනමික් කිලෝ වොට් 45, ඇටෝ ප්‍රිමියම් කිලෝ වොට් 45, ඩොල්ෆින් ඩයිනමික් කිලෝ වොට් 70 යනාදී කාණ්ඩවලට අයත් වාහන 625ක් බැංකු ඇපකර හා සමාගම් ඇපකර මත මුදා හැරීමට එකඟ වන බවයි.

ශ්‍රී ලංකා රේගුව විසින් ඉදිරිපත් කළේ එම යෝජනාවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය එකඟතාවය පළකලා.

ඉන් පසුව මෙම වාහන මුදාහැරීමට අදාළ නියෝග නිකුත් කෙරුණා.

Previous Article Next Article