×

Search News

LATEST NEWS

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ගේ නම අවභාවිතා කරමින් ලිංගික අල්ලස් ඉල්ලු අයෙක් රිමාන්ඩ්

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකර මහතා නම අවභාවිතා කරමින් කාන්තාවගෙන් ලිංගික අල්ලස් ඉල්ලු පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අද (12) කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

අදාළ පුද්ගලයා සනත් අබේසේකර මහතා ලෙස ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර ඒ හරහා චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබාදෙන බව සඳහන් කරමින් චිත්‍රපට නිළියන්ට කතා කර මුදල් සහ ලිංගික අල්ලස් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධව සනත් අබේසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් සිදුකර තිබූණා.

මේ අනුව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Previous Article Next Article