×

Search News

LATEST NEWS

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද

අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (14) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද (14) පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

2026 වන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වනදා පස්වරු 6ට සිදු කිරීමට නියමිතයි.

Previous Article Next Article