×

Search News

LATEST NEWS

2026 අයවැය IMF පරාමිතීන්ට අනුකූල දැයි අධ්‍යයනය කරනවා - IMF

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලි කොසැක් මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ IMF මුලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලදැයි IMF කාර්ය මණ්ඩලය මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවද අධ්‍යක්ෂිකවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

"මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රි ලංකාව සඳහා වන IMF විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF  කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණියා. මෙම එකඟතාව IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මඟින් අනුමත වූ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් සඳහා ප්‍රවේශය හිමි වනවා. ඉදිරි සති කිහිපය තුළදී ඒ සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වනු ඇති බව අපි අපේක්ෂා කරනවා.

අයවැය ගැන මට කිව හැක්කේ 2026 අයවැය IMF වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල දැයි අපේ කාර්ය මණ්ඩලය ප්‍රකාශයට පත්කරන ලද අයවැය ලේඛන අධ්‍යයනය කරමින් සිටින බවයි. මෙම ඇගයීම විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා විශේෂයෙන් වැදගත් වනවා. එය ඉදිරි සති කිහිපය තුළ සිදුවේවි. ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය ගැන සලකන විට ඒවා ශ්‍රී ලංකාවේ හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීම උදෙසා තීරණාත්මකයි."

Previous Article Next Article