×

Search News

LATEST NEWS

පළාත් සභා මැතිවරණයේ නීති සමාලෝචනයට තේරීම් කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය තත්ත්වය සමාලෝචනය කර කඩිනමින් එම මැතිවරණය පැවැත්වීමට සඳහා වන කටයුතු සිදු කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අයවැය තුන්වන වර කියවීම හෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යොමුකළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

"රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශ කාරක සභා විවාදයේදී රාජ්‍ය පාරිපාලන ඇමතිවරයා විසින් යෝජනාකළා විශේෂ තේරීම් කාරක සභා ක්‍රමයක්. ඒක කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත්වෙනවා."

Previous Article Next Article