×

Search News

LATEST NEWS

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අද (16) අලුයම මෙලෙස ජීවතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඒ මහතා 62 වියේ පසුවු අතර හරිස්චන්ද්‍ර මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

තවද ඔහු අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ, දිස්ත්‍රික් ලේකම්වරයෙකු මෙන්ම රජයේ ආයතන කිහිපයක ප්‍රධානි තනතුර ඇතුළු තනතුරු කිහිපයක් ඒ මහතා දරා ඇති බවද වාර්තා වනවා.

Previous Article Next Article