×

Search News

LATEST NEWS

මීටියාගොඩ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

මීටියාගොඩ කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (17) රාත්‍රී 8.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අවන්හලේ මුදල් අයකැමිවරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

වෙඩි වැදීමෙන් එම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මීට මාස 4කට පමණ පෙර ඝාතනයට ලක්වූ මහදුර නලීන් නැමැත්තාගේ සහෝදරියට මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වුණා.

කරන්දෙණිය සුද්දාගේ මස්සිනා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත් වූ අතර එම සිදුවීමට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

Previous Article Next Article