×

Search News

LATEST NEWS

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා 2025.06.16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය අනුමැති ලබාදී ඇති බව සඳහන්.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන දැක්මට සහාය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන් රජය ලබාදුන් පොරොන්දු අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියෝජිතයින්ට සහ ඔවුන්ගේ කාලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම් අරමුණු කර ගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන්පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බව සඳහන්.

Previous Article Next Article