×

Search News

LATEST NEWS

මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හදිසියේම මරුට

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ මහතා අද (21) උදෑසන මියගොස් තිබෙනවා.

මියයන විට ඒ මහතා 47 වැනි වියේ පසු වුණා.

ඔහු අද (21) උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදී පෙ.ව. 6ට පමණ ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ප්‍රාදේශීය සභාපතිවරයාගේ මෘත දේහය මේ වන විට කරන්දෙණිය බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

අවසන්වරට පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණයට කන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය යටතේ බොරකන්ද කොට්ඨාසයෙන් ඔහු තරඟ කළා.

මෙහිදී ජයග්‍රහණය ලැබූ මහීල් රංගජීව මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාපතිවරයා බවට පත් වුණා.

Previous Article Next Article