×

Search News

LATEST NEWS

වායු ගෝලයේ කැලඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි

දිවයින ආශ්‍රිතව පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය අද (25) දිනයේ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති පවතිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බවයි.

ඊට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවද වාර්තා වනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති හැකි වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Previous Article Next Article