×

Search News

LATEST NEWS

හල්දුම්මුල්ලේ පස් කන්දක් නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල පොලිස් වසමේ කදිරේෂන් බෝක්කුව අසල ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා.

මෙම තත්ත්වය සමඟ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සඳහන්.

මේ වන විට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මාර්ගයට වැටුණු ගල් සහ පස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනවා.

පොලීසිය පවසන්නේ මේ මොහොතේ දී එම ප්‍රදේශයට වැසි තත්ත්වයේ අඩුවක් පවතින බවත් ඉදිරියේ දී වැසි තත්ත්වය වැඩි වුවහොත් නාය යෑමට ඉඩ ඇති බවත්ය.

මේ අතර (24) සවස 2.30 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 සඳහා නිකුත් කළ නාය යෑම් අනතුරු නිවේදනයේ ද බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශය නායයෑම් සිදුවිය හැකි ස්ථානයක් ලෙස නම් කර තිබුණා.

Previous Article Next Article