×

Search News

LATEST NEWS

පළාත් 6කට මිලිමීටර් 200ට වැඩි වර්ෂාවක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය ආසන්නව වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පළාත් 6කට මිලිමීටර් 200ට වැඩි වර්ශපතයනයක් ඇති විය හැකි බවයි.

මේ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර යන පළාත්වල මෙම අවදානම් තත්ත්වය පවතිනවා.

ඉහත සඳහන් පළාත්වල අද (25) සිට නොවැම්බර් 30 වන ඉරිදා දක්වා කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කරන පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන්කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී තිබෙනවා.

Previous Article Next Article