×

Search News

LATEST NEWS

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ නිල කාලසටහන එළිදක්වයි

2026 පෙබරවාරි 7 වනදා ආරම්භ වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ කාලසටහන ඊයේ (25) නිල වශයෙන් එළි දැක්වුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා B කාණ්ඩයෙන් තරඟවදිනවා.

එම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය, සිම්බාබ්වේ යන රටවල්.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය පෙබරවාරි 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.

මේ අනුව මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දියාවේ ක්‍රීඩාංගන 5ක සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 3ක පවත්වන බවයි වාර්තා වන්නේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව තුළදී පැවැත්වෙන තරග පල්ලෙකැලේ, ආර්. ප්‍රේමදාස සහ එස්.එස්.සී යන ක්‍රීඩාංගනවලදී පැවැත්වීමට නියමිතයි.

Previous Article Next Article