×

Search News

LATEST NEWS

මුදා ගැනීමේ මෙහෙයුම්වලට හෙලිකොප්ටර් ලබාදෙන්න ඉන්දියාවේ කැමැත්ත

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළකර තිබෙනවා.

දැනටමත් ගුවන් යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති බව සඳහන්.

අදාළ නවුකවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබාදීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින්  විධිමත්ව සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වනවා.

Previous Article Next Article