×

Search News

LATEST NEWS

ආපදාවලින් මියගිය ගණන තවත් ඉහළට

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණයෙන් බදුල්ලේ සහ මහනුවර පමණක් මේ දක්වා වාර්තා වූ මරණ ගණන 85ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවද අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකින් අදත් නායයාම් කිහිපයක් වාර්තා වුණා.

මහනුවර හසලක පමුනුපුර ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබුණා.

එම නාය යෑමෙන් තවත් පුද්ගලයින් 12 දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි වාර්තා වුණේ.

තවද බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ එම ප්‍රදේශයේ නාය යෑම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.

මේ අතර කෑගල්ල බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ නිවාස නිවාස 05ක් නායයෑමට ලක්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම නිවෙස්වල සිටි පුද්ගලයින් 12දෙනෙකු පමණ අතුරුදන්වී සිටින බවත් එම ස්ථානයට ළඟා වීම ද දුෂ්කර වී ඇති බවත්ය.

Previous Article Next Article