×

Search News

LATEST NEWS

අයිස් මත්ද්‍රව්‍ය නිපද වූ බවට සැකකරන ස්ථානයක් වටලයි

වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ස්ථානයක් වටලා විදෙස් ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු බවයි.

අදාළ ස්ථානයේ තිබී මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කළ බව සැක කෙරෙන ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

කුලී පදනම මත ලබාගත් නිවසක සැකකරු රැඳී සිට ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු සතුව තිබී සොයාගත් රසායනික ද්‍රව්‍ය කුමන කටයුත්තක් සඳහා යොදා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා මඟින් විශේල්ෂණය කිරීමට නියමිතයි.

දැනට සැක කරන්නේ මෙම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති බවයි.

Previous Article Next Article