×

Search News

LATEST NEWS

මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි

ගැඹුරු පීඩන අවපාතය කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බවයි.

උතුර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙන් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Previous Article Next Article