×

Search News

LATEST NEWS

කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයි

කොත්මලේ වේල්ල කැඩී ඇති බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව එම ජලාශය භාර කාර්යයේ නියුතු ඉංජිනේරුවරයෙකු පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 2ක් විවෘත කර ඇති බවයි.

එමඟින් තත්ත්පරයට ඝන මීටර් 80ක ජලය පිටවන බවද එම ප්‍රකාශවරයා පැවසුවා.

ජලාශයේ වාන් දොරටු නිකුත් කිරීමට පෙර සයිරන් හඬ නිකුත් කළ බවත් එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොත්මලේ වේල්ල කැඩී ඇති බවත් මේ හේතුවෙන් වේල්ලට පහළ ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාව කඩිනමින් ඉවත් වන ලෙස පුවතක් ඊයේ (30) රාත්‍රියේ සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වී තිබුණා.

මේ හේතුවෙන් එහි සිටි ජනතාව මේ වන විට ඉහළ ප්‍රදේශ වෙත ගමන් කර තිබෙනවා.

Previous Article Next Article